Watch : ක්‍රීඩාංගනයෙන් පිටතට අසාම් ඛාන් එල්ල කළ මීටර් 107 හයේ පහර

Date:

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී පිතිකරුවෙකු එල්ල කළ දෙවන විශාලතම හයේ පහර වාර්තා කිරීමට ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ අසාම් ඛාන් අද (03) සමත්වුණා.

අසාම් ඛාන් මෙම දස්කම ප්‍රදර්ශනය කළේ කුවෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිවයි.

වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ෆෝල්ක්නර් යොමු කළ ඉනිමේ 13 වන පන්දුවාරයේ 5 වන පන්දුවට අසාම් ඛාන් මෙම දැවැන්ත හයේ පහර එල්ල කළා.

ඩීප් මිඩ් විකට් කලාපය දෙසින් ඇදී යන පරිදි එල්ල කළ මෙම හයේ පහර නතර වුණේ පන්දුව කරච්චි ක්‍රීඩාංගණයෙන් ද ඉවතට ඇදී යමින්.

හයේ පහරේ දිග මීටර් 107 ක් ලෙස සටහන් වුණා.

මේ වන විට මෙවර තරග වාරයේ දැවැන්තම හයේ පහර වාර්තා කර ඇත්තේ ටොම් කොහ්ලර් කැඩ්මෝ විසින්. එහි දුර මීටර් 108 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...