Watch : ප්‍රේක්ෂකයින් මවිතයට පත් කළ පවෙල්ගේ සුපිරි හයේ පහර

Date:

බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් දැවැන්ත හයේ පහරවල් එල්ල කිරීමට දක්වන්නේ සහජ හැකියාවක් බව අමුතුවෙන් කිව යුතු දෙයක් නෙවෙයි.

කොදෙව් පිතිකරුවන් රැසක් ඉතා ශක්තිමත් ක්‍රීඩකයින් වන අතර, ඔවුන්ට හයේ පහරවල් එල්ල කිරීම ලොව ඕනෑම ක්‍රීඩාංගනයක පහසුවෙන් කළ හැකි කාර්යයක්.

නිමා වූ කොදෙව් – එංගලන්ත 20යි 20 තරගාවලියේ දී ද එවැනි දැවැන්ත හයේ පහරවල් දැක බලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වුණා.

දෙරට අතර පැවැති 5 වැනි 20යි 20 තරගයේ දී රොව්මන් පවෙල් එල්ල කළ සුපිරි හයේ පහරක් පිළිබදවයි මෙම සටහනෙන් අප ඔබගේ අවධානය යොමු කරන්නේ.

තරගයේ කොදෙව් ඉනිමේ 18 වැනි පන්දුවාරය ක්‍රිස් ජෝර්ඩන් විසින් ක්‍රියාත්මක කළ අතර, එම පන්දුවාරයේ 4 වැනි පන්දුවට රොව්මන් පවෙල් මෙම සුවිශේෂී හයේ පහර එල්ල කළා.

එය මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ රොව්මන් පවෙල් විසින් එම හයේ පහර එල්ල කිරීම සදහා පිත්ත හසුරවනු ලැබූ ආකාරය සැබවින්ම චමත්කාරජනක වූ බැවින්.

පන්දුව පිත්තේ වැදුණු සැණින් එය විදුලි වේගයෙන් ක්‍රීඩාංගනයෙන් ඉවතට විසි වී ගියේ ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයින්ගේ ද ඉහළ පැසසුමකට ලක් වෙමින්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...