IPL වෙන්දේසියට ඉදිරිපත් වන ශ්‍රී ලංකා ක්‍රීඩක ලැයිස්තුව හා මූලික වටිනාකම් නිවේදනය කෙරේ

Date:

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන අවසන් ක්‍රීඩක ලැයිස්තුව තරගාවලි සංවිධායකයින් විසින් අද(1) නිවේදනය කළා.

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 36 දෙනෙකු වෙන්දේසිය සදහා ලියාපදිංචි වී තිබුණ ද, වෙන්දේසිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 23 දෙනෙකු පමණයි.

ඒ අතරට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ මෙන්ම 19න් පහළ කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ඇතුළත්.

එළඹෙන 12 හා 13 වනදා බැංගලූරුහී දී පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 590 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි.

අයි.පී.එල් තරගාවලියේ 15 වන අදියර සදහා වන ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ක්‍රීඩකයින් 590 දෙනා අතරින් ක්‍රීඩකයින් 228 දෙනෙකු ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයින්.

ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමක් හිමිවන කාණ්ඩය යටතේ වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 48ක්.

ඉන්දීය රුපියල් කෝටි 1.5ක මූලික වටිනාකමක් හිමි වන කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 20 දෙනෙකු ද, ඉන්දීය රුපියල් කෝටි එකක මූලික වටිනාකමක් හිමි වන කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 34 දෙනෙකු ද ලියාපදිංචි වී තිබෙනවා.

වෙන්දේසියට ඉදිරිපත් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා ඔවුන් ලියාපදිංචි වී ඇති මූලික වටිනාකමක් සහිත කාණ්ඩය –

  1. වනිදු හසරංග – ඉන්දීය රුපියල් කෝටි 1
  2. දුෂ්මන්ත චමීර – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  3. මහේෂ් තීක්ෂණ – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  4. චරිත් අසලංක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  5. නිරෝෂන් දික්වැල්ල – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  6. කුසල් මෙන්ඩිස් – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  7. කුසල් පෙරේරා – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  8. අකිල ධනංජය – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  9. භානුක රාජපක්ෂ – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  10. මතීෂ පතිරණ – ඉන්දීය රුපියල් ලක්ෂ 20
  11. අවිශ්ක ප්‍රනාන්දු – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  12. පැතුම් නිස්සංක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  13. චාමික කරුණාරත්න – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  14. දසුන් ශානක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  15. කෙවින් කොත්තිගොඩ – ඉන්දීය රුපියල් ලක්ෂ 20
  16. තිසර පෙරේරා – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  17. ළහිරු කුමාර – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  18. ඉසුරු උදාන – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  19. නුවන් තුෂාර – ඉන්දීය රුපියල් ලක්ෂ 20
  20. ධනුෂ්ක ගුණතිලක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  21. ධනංජය ලක්ෂාන් – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  22. සීක්කුගේ ප්‍රසන්න – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  23. දුනිත් වෙල්ලාලගේ – ඉන්දීය රුපියල් ලක්ෂ 20

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...