Watch : රවීන් ද සිල්වා යොමු කළ තරගාවලියේ විශිෂ්ඨතම පන්දුව ?

Date:

මෙවර වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි ස්ථානය තේරීමේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණේ පස්වැනි ස්ථානය තේරීමේ පළමු අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායම ලකුණු 65කින් පරාජයට පත් කරමින්.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි  ඇන්ටීගා හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් අද(31) අලුයම නිමා වූ එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 232ක් රැස් කළා.

ඒ, නායක දුනිත් වෙල්ලාලගේ රැස් කළ ලකුණු 113න් ශක්තිමත් වෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 37.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167ක් පමණයි.

පන්දු යැවීමේ දී ට්‍රෙවීන් මැතිව්, රවීන් ද සිල්වා හා ශෙවෝන් ඩැනියල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

එම කඩුලු අතරින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණේ රවීන් ද සිල්වා විසින් Michael Copeland දවා ගැනීම සදහා යොමු කළ සුපිරි පා දග පන්දුව වෙතයි.

පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් Copeland දැවී යන විට ලකුණු 20ක් ලබා ගෙන තිබුණා.

ජාත්‍යන්තර විස්තර විචාරකයින්ගේ ද ඉහළ පැසසුමකට ලක් වූ එම පන්දුව මෙවර තරගාවලියේ දුටු විශිෂ්ඨතම පන්දුව ලෙස ද බොහෝ දෙනෙකු හදුන්වනු ලැබුවා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...