දුනිත්ගේ ශතකයෙන් සවිමත් වෙමින් ශ්‍රී ලංකා යොවුන් පිල 5 වැනි තැනට පියවරකින් ළගා වෙයි

Date:

දුනිත් වෙල්ලාලගේ වාර්තා කළ ශතකයෙන් ශක්තිමත් වෙමින් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී පැවැත්වෙන 2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි ස්ථානය තේරීමේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(31) අලුයම සමත් වුණා.

ඒ, පස්වැනි ස්ථානය තේරීමේ පළමු අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායම ලකුණු 65කින් පරාජයට පත් කරමින්.

ඇන්ටීගා හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 232ක් රැස් කළා.

ඒ, ඉනිමේ තෙවැනි කඩුල්ල ලකුණු 25 දී බිද වැටුණු පසුබිමකයි.

අනතුරුව පිටියට පිවිසි නායක දුනිත් වෙල්ලාලගේ යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තා කළ 9 වැනි ශතකය වාර්තා කරමින් ලකුණු 113ක් ලබා ගත්තේ පන්දු 130කින්.

හයේ පහර 4ක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහුට අනගි සහායක් ලබා දුන් රනුද සෝමරත්න නොදැවී ලකුණු 57(70)ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 130ක්.

ශෙවෝන් ඩැනියල් ලකුණු 29කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Kwena Maphaka කඩුලු 3ක් ද, Matthew Boast කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 37.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167ක් පමණයි.

Gerhardus Maree ලකුණු 44කටත්, Ronan Hermann ලකුණු 34කටත් දැවී ගිය අතර, Andile Simelane හා Michael Copeland ලකුණු 20 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී ට්‍රෙවීන් මැතිව්, රවීන් ද සිල්වා හා ශෙවෝන් ඩැනියල් කඩුලු 2 බැගින් බිද හෙලුවා. වනුජ සහන් හා දුනිත් වෙල්ලාලගේ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පස්වැනි ස්ථානය තේරීමේ දෙවැනි අවසන් පූර්ව තරගය පාකිස්තානය හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත අතර, ඉන් ජය ගන්නා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානය තේරීමේ අවසන් තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...