Legends League Cricket Update : අවසන් තරගය ජය ගන්න ආසියාවට ලකුණු 257ක ඉලක්කයක්

Date:

ඕමානයේ පැවැත්වෙන ප්‍රවීනයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මෙරට වේලාවෙන් අද රාතී 8ට ආරම්භ වුණා.

ඒ, World Giants හා Asia Lions කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ලයන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 256ක් ලබා ගනිමින්.

ඉනිමේ පළමු කඩුලු දෙක නුවන් කුලසේකර විසින් දවා ගත්තා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ පිල් මස්ටඩ්(7) හා කෙවින් ඕබ්‍රයන්(2) යන පිතිකරුවන්.

යළිත් සුපුරුදු ප්‍රහාරාත්මක ඉනිම දියත් කළ කෙවින් පීටර්සන් ලකුණු 48ක් රැස් කළේ පන්දු 22කට මුහුණ දෙමින්.

හයේ පහර 5ක් හා හතරේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පීටර්සන්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ චමින්ද වාස් විසින්.

බ්‍රැඩ් හැඩින් පන්දු 16කින් ලකුණු 37ක් ලබා සිටියදී දැවී ගියේ මුත්තයියා මුරලිදරන් යොමු කළ පන්දුක් හමුවේ තිලකරත්න ඩිල්ෂාන් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

කොරේ ඇන්ඩර්සන් නොදැවී ලකුණු 94ක් ලබා ගත්තා.

පන්දු 43කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 8ක් හා හතරේ පහර 7ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...