දිමුත්, නුවනිදු හා නිපුන්ගේ අර්ධ ශතක කොළඹට කඩුලු 6ක ජයක් ගෙනෙයි

Date:

ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (28) කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේදී නිමාව දුටුවේ දිමුත් කරුණාරත්න නායකත්වය දැරූ කොළඹ කණ්ඩායමට කඩුලු 6 ක පහසු ජයග්‍රහණයක් හිමිකරදෙමින්.

තරගාවලියේ හයවන තරගය වූ මෙම තරගයෙන් කොළඹ කණ්ඩායම හමුවේ පරාජයට පත් වූයේ මහනුවර කණ්ඩායමයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහනුවර කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි නුවර කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 271 ක්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සහන් ආරච්චිගේ පන්දු 85 කට මුහුණ දෙමින් ලකුණු 86 ක් රැස්කළා. ඔහුගේ ඉනිම එක් හයේ පහරකින් සහ හතරේ පහරවල් 9 කින් වර්ණවත් වුණා.

පුලින තරංග ලකුණු 36(43) යි. නායක කමිඳු මෙන්ඩිස් පන්දු 47 කදී ලකුණු 35 ක් රැස්කළා. ලසිත් කෲස්පුල්ලේ ලකුණු 33(25) කටත්, නිරෝෂන් දික්වැල්ල ලකුණු 16(22) කටත්, ඕෂද ප්‍රනාන්දු ලකුණු 6 කටත් දැවී ගියා.

ළහිරු උදාරට රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ එක් ලකුණක් පමණයි. තික්ශිල ද සිල්වා ලකුණු 27(47) ක් රැස්කළා.

අනර්ඝ පන්දු යැවීමක නිරත වු ළහිරු මධුෂංඛ කඩුලු 4 ක් බිඳ හෙලුවා. කලන පෙරේරා කඩුලු 3 ක් ද, තරිඳු රත්නායක කඩුලු 2 ක් ද , සම්මු අශාන් එක් කඩුල්ලක් ද දවා ගත්තා.

ලකුණු 272 ක ඉලක්කයක් හඹා ගිය කොළඹ කණ්ඩායම පන්දුවාර 48.1 ක් තුළ කඩුලු 4 ක් පමණක් බිඳ වැටී ජයග්‍රහණය වාර්තා කළා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නිපුන් ධනංජය පන්දු 79 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 70 ක් රැස්කළා. ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහරවල් 4 ක් ඇතුළත්.

හතරේ පහරවල් 6 ක් සමගින් නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 67(84) ක් රැස්කළා.

දිමුත් කරුණාරත්න පන්දු 59 කට මුහුණ දෙමින් ලකුණු 59 ක් ලබා ගත්තේ හතරේ පහරවල් 8 ක් සමගින්.

සිතාර ගිම්හාන් ලකුණු 37(38) යි.

අශේන් බණ්ඩාර පන්දු 26 කදී නොදැවී ලකුණු 33 ක් වාර්තා කළා.

පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 2 ක් බිඳ හෙලූ අතර සහන් ආරච්චිගේ සහ තික්ශිල ද සිල්වා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...