මෝර්ගන්ට අවසන් 20යි 20 තරග දෙක අහිමි වෙයි

Date:

එංගලන්ත නායක ඔයින් මෝර්ගන්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත අවසන් පන්දුවාර 20යි 20 තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු දකුණු පාදයේ ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්

මෙම ආබාධය නිසා මෝර්ගන් පසුගියදා පැවැති තෙවැනි 20යි 20 තරගය සදහා ද ක්‍රීඩා කළේ නැහැ.

ඒ හේතුවෙන් එංගලන්ත කණ්ඩායම එම තරගයේ දී මෙහෙයවනු ලැබුවේ මොයීන් අලී විසින්.

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි හා පස්වැනි 20යි 20 තරග එළඹෙන 29 හා 30 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

මේ වන විට තරග 2-1ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ කොදෙව් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...