ප්‍රසන්න හා තිසරගේ දක්ෂතා හමුවේ කුල්නා කණ්ඩායමට කඩුලු 6ක ජයක්

Date:

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ 9 වන තරගය අද (28) Chattogram ක්‍රීඩාංගනයේ දී නිමාව දුටුවේ Khulna Tigers කණ්ඩායමට කඩුලු 6 ක පහසු ජයග්‍රහණයක් හිමිකරදෙමින්.

ඔවුන් හමුවේ පරාජයට පත්වුණේ Chattogram Challengers කණ්ඩායමයි.

මෙම තරගයේදී කුල්නා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා හා සීක්කුගේ ප්‍රසන්න ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Khulna Tigers කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සදහා Chattogram Challengers කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි චැලෙන්ජර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් බිඳ වැටී රැස්කර ගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 143 ක් පමණයි.

අෆීෆ් හොසේන් ලකුණු 44(37) ක් රැස්කලා. විල් ජැක්ස් ලකුණු 28(23) යි. නයීම් ඉස්ලාම් නොදැවී ලකුණු 25(19) ක් ලබා ගත්තා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ තිසර පෙරේරා පන්දුවාර 4 ම ක්‍රියාත්මක කරමින් ලකුණු 18 කට කඩුලු 03 ක් බිඳ හෙලීමට සමත්වුණා.

සීක්කුගේ ප්‍රසන්න, කම්රුල් ඉස්ලාම්, මහෙදි හසන්, නබිල් සමාද්, ෆර්හාද් රේසා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 144 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කුල්නා කණ්ඩායම පන්දුවාර 18.5 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් බිඳ වැටී ජයග්‍රහණය වාර්තා කළා.

අනර්ඝ ඉනිමක් දියත් කළ ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් ලකුණු 58(47) ක් රැස්කළා. ඔහුගේ ඉනිමට හයේ පහරවල් 2 ක් සහ හතරේ පහරවල් 6 ක් ඇතුළත්.

මුශ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 44(30) යි.

සීක්කුගේ ප්‍රසන්න හයේ පහරවල් 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 23(15) ක් වාර්තා කළා.

පන්දු යැවීමේදී මෙහිදි හසන් මිරාස් කඩුලු 2 ක් බිඳ හෙලූ අතර ශොරිෆුල් ඉස්ලාම් සහ නසුම් අහමඩ් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා සම්මානය ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් විසින් දිනාගනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...