BBL ශූරතාවය සිව්වැනි වරටත් පර්ත් ස්කෝර්චස් කණ්ඩායමට

Date:

මෙවර ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් (BBL) ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට පර්ත් ස්කෝර්චස් කණ්ඩායම අද(28) සමත් වුණා.

ඒ, මෙල්බර්න්හි පැවැති අවසන් මහා තරගයෙන් සිඩ්නි සික්සර්ස් කණ්ඩායම ලකුණු 79කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ සිඩ්නි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පර්ත් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තා.

ඒ ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 25ක් තුළ බිද වැටුණු පසුබිමකයි.

අනතුරුව 5 වැනි කඩුල්ල සදහා ලොරී එවන්ස් හා ඇෂ්ටන් ටර්නර් පන්දු 59කින් ලකුණු 104ක සබදතාවයක් ගොඩ නැගුවා.

ටර්නර් ලකුණු 54(35)කට දැවී ගිය අතර, එවන්ස් නොදැවී ලකුණු 76(41)යි.

පන්දු යැවීමේ දී ස්ටීව් ඕකීෆ් හා නේදන් ලියෝන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිඩ්නි කණ්ඩායමට පන්දුවාර 16.2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 92ක් පමණයි.

ඩැනියල් හියුස් ලකුණු 42(33)ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඇන්ඩෘ ටයි ලකුණු 15කට කඩුලු 3ක් බිද හෙලූ අතර, ජයි රිචර්ඩ්සන් ලකුණු 20කට කඩුලු 2ක් බිද හෙලුවා.

මෙය පර්ත් ස්කෝර්චස් කණ්ඩායම බිග් බෑෂ් ලීග් ශූරතාවය දිනූ සිව්වැනි අවස්ථාව වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...