දඹුල්ලට එරෙහිව ගාලු කණ්ඩායමට කඩුලු 3ක ජයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් කඩුලු 3 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම අද (28) සමත්වුණා.

කොළඹ SSC ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයේදී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ දඹුල්ල කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගාල්ල කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට දඹුල්ල කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ගාලු පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහෑ.

මුළු ලකුණු පුවරුව ලකුණු 33 ක් ව තිබියදී දඹුල්ල කණ්ඩායමේ මුල් කඩුලු 5 බිඳ හෙලීමට ගාලු පන්දු යවන්නන් සමත්වුණා.

ලියෝ ෆ්‍රැන්සිස්කෝ ලකුණු 11 යි. ගයාන් මනීශාන්ට සහ ලසිත් අබේරත්නට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් හිමි වූයේ නැහෑ. නායක අශාන් ප්‍රියංජන් ලකුණු 8 කටත්, සොනාල් දිනූෂ ලකුණු 2 කටත් දැවීගියා.

ඉන්පසුව පවන් රත්නායක සමගින් පිටියේ එක් වූ දුෂාන් හේමන්ත 6 වන කඩුල්ලට ලකුණු 47 ක සබදතාවක් ගොඩනැගීමට සමත් වුණා.

දුෂාන් හේමන්ත ලකුණු 25(51) කට දැවී ගියා. දුවිඳු තිලකරත්න ලකුණු 4 කටත්, ළහිරු සමරකෝන් ලකුණු 8 කටත් දැවී ගියා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු පවන් රත්නායක ලකුණු 44(75)යි.

අවසන් කඩුල්ලට ලක්ෂාන් සඳකැන් සමගින් විශ්ව ප්‍රනාන්දු ලකුණු 58 ක සබදතාවක් ගොඩනැගීම විශේෂත්වයක්.

සදකැන් ලකුණු 34 (52) ක් වාර්තා කළ අතර විශ්ව ප්‍රනාන්දු නොදැවී ලකුණු 14 යි.

ඒ අනුව පන්දුවාර 49.3 ක් තුළ සියලු දෙනා දැවී දඹුල්ල කණ්ඩායම රැස් කළේ ලකුණු 165 ක් පමණයි.

පන්දු යැවීමේදී හේශාන් හෙට්ටිආරච්චි සහ ධනංජය ලක්ෂාන් කඩුලු 3 බැගින් බිඳ හෙලුවා. මුදිත ලක්ෂාන් කඩුලු 2 ක් බිද හෙලූ අතර, නිමේශ් විමුක්ති සහ අකිල ධනංජය අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 166 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ගාල්ල කණ්ඩායම කඩුලු 7 ක් බිඳ වැටී පන්දුවාර 34.2 ක් තුළ ජයග්‍රහණය වාර්තා කළා.

අනර්ඝ ඉනිමක් දියත් කළ අශාන් රන්දික පන්දු 38 කට මුහුණ දී ලකුණු 49 ක් වාර්තා කළා. ඔහුගේ ඉනිම හයේ පහරවල් 5 කින් සහ හතරේ පහරවල් 2 කින් වර්ණවත් වුණා.

ධනංජය ලක්ෂාන් ලකුණු 32(29) යි. පන්දු 66 කට මුහුණ දී මුදිත ලක්ෂාන් නොදැවී ලකුණු 37 ක් වාර්තා කළා.

පන්දු යැවීමේදී ළහිරු සමරකෝන් කඩුලු 03 ක් බිඳ හෙලීමට සමත් වුණා. අශාන් ප්‍රියංජන් කඩුලු 2 ක් බිඳ හෙලූ අතර, ලක්ෂාන් සඳකැන් සහ දුවිඳු තිලකරත්න අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...