U19 CWC Update : ඇෆ්ඝනිස්තානය ලකුණු 134කට සීමා වෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන 2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය (Super League Quarter-Final 4) මේ වන විට පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ඝනිස්තානය පන්දුවාර 47.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 134ක් පමණයි.

ඔවුන්ගේ ඉනිම එක් අවස්ථාවක කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 24ක් ලෙස සටහන්ව තිබූ නමුත්, ලකුණු 26 වන විට ඔවුන්ගේ ඉනිමේ කඩුලු 4ක් දැවී ගියා.

අනතුරුව 5 වන කඩුල්ල සදහා ලකුණු 47ක සබදතාවයක් ගොඩ නැගීමට Abdul Hadi හා Allah Noor සමත් වුණා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Abdul Hadi ලකුණු 37ක් රැස් කළ අතර, නූර් අහ්මඩ් ලකුණු 30ක් ලබා ගත්තා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ විනුජ රන්පුල් ලකුණු 10කට කඩුලු 5ක් දවා ගත්තා.

නායක දුනිල් වෙල්ලාලගේ කඩුලු 3ක් බිද හෙලූ අතර, ට්‍රෙවීන් මැතිව් හා යසිරු රොද්‍රිගෝ කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...