පවෙල්ගේ හයේ වැස්සෙන් වාර්තා වූ සුපිරි ශතකය කොදෙව්වන් තරගාවලියේ පෙරමුණට ගෙන යයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 20ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(27) අලුයම සමත් වුණා.

බාර්බඩෝස්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි කොදෙව්වන් එංගලන්තය ගත් තීරණයට ප්‍රබල පිළිතුරක් ලබා දුන්නේ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 224ක් ලබා ගනිමින්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ රොව්මන් පවෙල් පන්දු 53ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 107ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිමට ඇතුළත් වූ හයේ පහර ගණන 10ක්. හතරේ පහර 4ක් ද එම ඉනිම වර්ණවත් කළා.

මෙය ජාත්‍යන්තර 20යි 20 පිටියේ දී ඔහු වාර්තා කළ මංගල ශතකයයි.

නිකලස් පූරාන් පන්දු 43කින් ලකුණු 70ක් රැස් කළා. ඒ, හයේ පහර 5ක් හා හතරේ පහර 4ක් සමගින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 204ක් පමණයි.

ටොම් බැන්ටන් පන්දු 39කින් ලකුණු 73ක් වාර්තා කළේ හයේ පහර 6ක් ද සමගින්.

පිල් සෝල්ට් පන්දු 24කින් ලකුණු 57ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රොමාරියෝ ශෙපර්ඩ් කඩුලු 3ක් හා කිරන් පොලාඩ් කඩුලු 2ක් දවා ගත්තා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය මේ වන විට තරග 2-1ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ කොදෙව් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...