ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද තරග බිමට ; එංගලන්තය අවසන් පූර්ව වටයට

Date:

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන 2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය (Super League Quarter-Final 4) අද(27) පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30ට ඇන්ටිගුවා හී දී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත යොවුන් කණ්ඩායම සමත් වුණා.

දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ඔවුන් ජය වාර්තා කළේ කඩුලු 6කින්.

ඇන්ටිගුවාහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 43.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 209ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය පන්දුවර 31.2ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් දැවී සිටියදීයි.(212/4)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...