නවසීලන්ත සංචාරයට දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන නවසීලන්ත තරග සංචාරය සදහා වන දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය අද(26) නිවේදනය කෙරුණා.

ඩීන් එල්ගර්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා දග පන්දු යවන ක්‍රීඩක 32 හැවිරිදි සයිමන් හාමර් (Simon Harmer) කැදවා තිබීම විශේෂත්වයක්.

ඔහු අවසන් වරට ටෙස්ට් තරගයකදී දකුණු අප්‍රිකාව නියෝජනය කළේ 2015 වසරේ දී යි.

ජෝර්ජ් ලින්ඩේ සිය විවාහය හේතුවෙන් මෙම තරග සංචාරයට එක් වන්නේ නැහැ.

මෙම තරග සංචාරයේ දී දකුණු අප්‍රිකාව හා නවසීලන්තය අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය ලබන 17 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Squad: Dean Elgar (c), Temba Bavuma (vc), Sarel Erwee, Simon Harmer, Marco Jansen, Keshav Maharaj, Aiden Markram, Wiaan Mulder, Lungi Ngidi, Duanne Olivier, Keegan Petersen, Kagiso Rabada, Ryan Rickelton, Lutho Sipamla, Glenton Stuurman, Rassie van der Dussen, Kyle Verreynne

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...