IPL : ලක්නව් කණ්ඩායමේ නිල නාමය නිවේදනය කෙරේ

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ලබන තරග වාරයේ සිට එක්වන ලක්නව් කණ්ඩායමේ නිල නාමය අද(24) නිවේදනය කෙරුණා.

ඒ අනුව එම කණ්ඩායම ලක්නව් සුපර් ජයන්ට්ස් යන නමින් ඉදිරියේ දී හැදින්වීමට නියමිතයි.

RPSG සමූහය විසින් ලක්නව් නගරය කේන්ද්‍ර කර ගත් නව අයි.පී.එල් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය රුපියල් කෝටි 7,090 කට හිමි කර ගත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ දීයි.

RPSG සමූහය මීට පෙර ද 2016 හා 2017 වසරවලදී අයි.පී.එල් තරගාවලිය හා සම්බන්ධ වුණා.

ඒ, චෙන්නායි සුපර් කිංග්ස් හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් දෙකට පැනවූ වසර දෙකක තහනමත් සමග තරගාවලියට ඇතුළත් කෙරුණු පූනේ කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගනිමින්.

එම කණ්ඩායම හදුන්වනු ලැබුවේ රයිසින් පූනේ සුපර් ජයන්ට්ස් යන නමින්.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායකයා ලෙස කේ.එල් රාහුල් කටයුතු කිරීමට නියමිතයි.

ලක්නව් කණ්ඩායම විසින් මේ වන විට කේ.එල් රාහුල්ට අමතරව රවී බිෂ්නෝයි හා ඔස්ට්‍රේලියාවේ මර්කස් ස්ටොයිනිස් සමග ද ගිවිසුම් ගතව තිබෙනවා.

රාහුල් සදහා ඉන්දීය රුපියල් කෝටි 17ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 46ක් පමණ) ගෙවා ඇති අතර, එය ඉතිහාසගත වුණේ අයි.පී.එල් කණ්ඩායමක් විසින් ක්‍රීඩකයෙකු සමග ගිවිසුම්ගත වූ සම ඉහළම වටිනාකම වශයෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...