රොෂාන් මහානාම ක්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස් වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයෙකු වන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා ඉන් ඉවත්ව තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු එම කමිටුවෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පත් කළ මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතායි.

මුත්තයියා මුරලිදරන් හා කුමාර් සංගක්කාර යන මහත්වරුන් ද එම කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කරනවා.

අයි.සී.සී හිටපු තරග තීරකවරයෙකු වන මහානාම මහතා ඉදිරියේ දී ආරම්භ වන පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී තරග තීරකවරයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතව සිටින බව ද සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...