ප්‍රියමාල්ගේ 98* ගාල්ල ජයග්‍රහනය කරා රැගෙන යයි

Date:

ප්‍රියමාල් පෙරේරා නොදැවී ලබා ගත් ලකුණු 98න් ශක්තිමත් වෙමින් National Super League’ හෙවත් ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම අද(24) සමත් වුණා.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ කොළඹ කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 47.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 213ක් පමණයි.

ක්‍රිෂාන් සංජුල ලකුණු 46ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 37ක් හා අශේන් බණ්ඩාර ලකුණු 34 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් දවා ගත් අතර, ධනංජය ලක්ෂාන් හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 42.4 ක් අවසානයේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

ඔවුන්ගේ ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 93දී බිද වැටුණේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු කොළඹ කණ්ඩායම වෙත නතු කරමින්.

කෙසේ වෙතත්, අනතුරුව 6 වැනි කඩුල්ල සදහා ලකුණු 110ක සබදතාවයක් ගොඩ නැගීමට ප්‍රියමාල් පෙරේරා හා රමේෂ් මෙන්ඩිස් සමත් වුණා.

රමේෂ් ලකුණු 37කට දැවී ගිය අතර, ප්‍රියමාල් නොදැවී ලකුණු 98ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 11ක් සමගින්.

ආරම්භක පිතිකරු ධනංජය ලක්ෂාන් ලකුණු 29කට දුවද්දී දැවී ගියා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය හා කවිදු නදීෂාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...