කේ.එල් රාහුල් IPL ඉතිහාසයේ ඉහළම මිලට ගිවිසුම් ගත වෙයි

Date:

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග්(අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලිය සදහා එක්වන නව කණ්ඩායම් දෙකක් වන ලක්නව් හා අහ්මදාබාද් කණ්ඩායම් විසින් සිය කණ්ඩායම් වෙත මිලදී ගත් ක්‍රීඩකයින් පිළිබද තොරතුරු මේ වන විට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ලබන මාසයේ පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් තිදෙනෙකු බැගින් මිලදී ගැනීමට එම කණ්ඩායම් දෙක වෙත අවස්ථාව ලබා දීමටයි තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබුණේ.

ඒ අනුව ලක්නව් කණ්ඩායම විසින් කේ.එල් රාහුල්, රවී බිෂ්නෝයි හා ඔස්ට්‍රේලියාවේ මර්කස් ස්ටොයිනිස් සමග ගිවිසුම් ගතව තිබෙනවා.

රාහුල් සදහා ඉන්දීය රුපියල් කෝටි 17ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 46ක් පමණ) ගෙවා ඇති අතර, එය ඉතිහාසගත වුණේ අයි.පී.එල් කණ්ඩායමක් විසින් ක්‍රීඩකයෙකු සමග ගිවිසුම්ගත වූ සම ඉහළම වටිනාකම වශයෙන්.

මීට පෙර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම 2018 වසරේ දී විරාට් කෝලි සමගින් එම මිලටම ගිවිසුම් ගතව තිබුණා.

ලක්නව් කණ්ඩායම විසින් ස්ටොයිනිස් මිලදී ගෙන ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 9.2 ක මුදලකටයි.

බිෂ්නෝයි වෙත ඔවුන් ගෙවා ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 4ක්.

ඒ අනුව ක්‍රීඩක වෙන්දේසිය සදහා ලක්නව් කණ්ඩායම මුහුණ දෙන්නේ එම කණ්ඩායම සන්තකයේ ඉන්දීය රුපියල් කෝටි 59.89 ක මුදලක් ඉතිරි කර ගනිමින්.

මේ අතර, තරගාවලියට එක්වන අනෙක් නව කණ්ඩායම වන අහ්මදාබාද් කණ්ඩායම විසින් හර්ඩික් පාන්ඩ්යා, ෂුබ්මන් ගිල් හා ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් සමග ගිවිසුම් ගතව තිබෙනවා.

පාන්ඩ්යා හා රෂීඩ් ඛාන් සදහා එම කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 15 බැගින් ගෙවා ඇති අතර, ෂුබ්මන් ගිල්ට ගෙවා ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 8ක්.

ඒ අනුව ක්‍රීඩක වෙන්දේසිය සදහා අහ්මදාබාද් කණ්ඩායම මුහුණ දෙන්නේ සිය කණ්ඩායම සන්තකයේ ඉන්දීය රුපියල් කෝටි 52 ක මුදලක් ඉතිරි කර ගනිමින්.

හර්ඩික් පාන්ඩ්යා අහ්මදාබාද් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කිරීමට නියමිත අතර, කේ.එල් රාහුල් ලක්නව් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට ඉඩ තිබෙනවා.

මෙවර අයි.පී.එල් තරගාලියට පෙර පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය ලබන 12 හා 13 යන දිනවල බැංගලෝර් හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...