ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට

Date:

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා.

තරගාවලිය යටතේ මූලික වටයේ දී ක්‍රීඩා කළ තරග තුනම ජය ගනිමිනුයි ඔවුන් එලෙස අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානයක් හිමි කර ගත්තේ.

මූලික වටය යටතේ  ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තෙවැනි හා අවසන් තරගය මෙරට වේලාවෙන් අද(22) අලුයම නිමා වුණේ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කඩුලු 3ක ජයක් ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

ශාන්ත කිට්ස්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් යොවුන් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 250ක් ලබා ගත්තා.

Kevin Wickham ලකුණු 56ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ කඩුලු 3ක් දවා ගත්තා. මතීෂ පතිරණ ද කඩුලු 2ක් බිද හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 48.2ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සධීෂ රාජපක්ෂ ලකුණු 76ක් ලබා ගත් අතර, අංජල බණ්ඩාර ලකුණු 40ක් රැස් කළා. ෂෙවෝන් ඩැනියල් ලකුණු 34යි.

මෙම ජයත් සමගින් D කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගනිමින් මූලික වටය අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුණා.

D කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි කර ගත් ඔස්ට්‍රේලියාව ද අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර, කොදෙව්වන්ට හා ස්කොට්ලන්තයට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය අහිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...