ඩිල්ෂාන් හා තරංගගේ සුපිරි පිතිහරඹය හමුවේ ආසියානු කණ්ඩායමෙන් සුපිරි හඹායාමක්

Date:

තිලකරත්න ඩිල්ෂාන් හා උපුල් තරංග පිත්තෙන් දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඕමානයේ පැවැත්වෙන ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ (Legends League Cricket) දෙවැනි තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට Asia Lions කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ එම තරගයෙන් පරාජයට පත් වූයේ World Giants කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් World Giants කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 205ක් රැස් කළා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කෙවින් ඕබ්‍රයන් පන්දු 46කින් ලකුණු 95ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර හා මොහොමඩ් හෆීස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Asia Lions කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තිලකරත්න ඩිල්ෂාන් පන්දු 32කින් වේගවත් ලකුණු 52ක් රැස් කළා.

හයේ පහර 3කින් හා හතරේ පහර 2කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

උපුල් තරංග පන්දු 43කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 63ක්.

ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් සමගින්.

මොහොමඩ් හෆීස් ලකුණු 27(13)ක් ද, මිස්බා උල් හක් නොදැවී ලකුණු 19ක් ද රැස් කරමින් Lions කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දායක වුණා.

පන්දු යැවීමේ දී මෝර්නි මෝර්කල් කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...