Watch : සැමී අසරණ කළ කුලසේකරගේ සුපිරි යෝකර් පන්දුව

Date:

ඕමානයේ පැවැත්වෙන ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ (Legends League Cricket) දෙවැනි තරගය අද(21) රාත්‍රී 8ට ආරම්භ වුණේ Asia Lions කණ්ඩායම හා World Giants  කණ්ඩායම අතරයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් World Giants නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 205ක් රැස් කළා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කෙවින් ඕබ්‍රයන් පන්දු 46කින් ලකුණු 95ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර හා මොහොමඩ් හෆීස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස කෙවින් පීටර්සන් දවා ගැනීමට සමත් වුණේ චමින්ද වාස්.

එම දැවී යාමට පෙර ඔහු විසින් යවනු ලැබූ පන්දු දෙකටම හයේ පහර 2ක් එල්ල කිරීමට පීටර්සන් සමත් වූ පසුබිමකයි චමින්ද වාස් විසින් එම කඩුල්ල දවා ගත්තේ.(දර්ශන පහතින්)

නායක ඩැරන් සැමීගේ කඩුල්ල දවා ගැනීම සදහා නුවන් කුලසේකර විසින් සුපිරි යෝකර් පන්දුක් යොමු කිරීම ද බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණා.(දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...