20යි 20 තරගාවලිය ගැන ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය මත ගැටුමක

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අතර මත ගැටුමක් හට ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ, බංග්ලදේශ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංතා තරග සංචාරයට පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවීමත් සමගයි.

දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ටෙස්ට් තරග 3කින් යුත් තරගාවලියක් ජූලි සහ අගෝස්තු මාසවල දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමුණා.

ඒ අනුව කල් දැමුණු තරග සංචාරය එළඹෙන ඔක්තෝම්බර් මාසයේ මැද භාගයේ දී ආරම්භ කිරීමට මේ වන විට දෙරටේ ක්‍රිකට් ආයතනවල අවධානය යොමුව තිබෙනවා.

එහිදී ටෙස්ට් තරගාවලියට අමතරව 20යි 20 තරගාවලියක් ද පැවැත්වීමටයි දෙරටේ ක්‍රිකට් ආයතනවල අවධානය යොමුව ඇත්තේ.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට අවශ්‍ය වී ඇත්තේ ටෙස්ට් තරග 3ට අමතරව 20යි 20 තරග 3ක් ද තරග සංචාරයට ඇතුළත් කිරීමටයි.

කෙසේ වෙතත්, ටෙස්ට් තරග 3න් එක් තරගයක් වෙනුවට 20යි 20 තරග 3 ක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවශ්‍ය වී ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළා.

තරග සංචාරය සදහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ද අවශය වන අතර, බංග්ලාදේශ කණ්ඩායම සැප්තැම්බර් 24 වනදා  දිවයිනට පැමිණීමට සැලසුම් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...