ප්‍රේක්ෂකයින්ට සිනහක් ගෙන ආ දකුණු අප්‍රිකාවේ හාස්‍යජනක පන්දු රැකීම කඩුල්ලක් අහිමි කළ හැටි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(21) පාර්ල් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඉනිමේ පළමු කඩුල්ල සදහා ලකුණු 63ක සබදතාවයක් ගොඩ නැගීමට කේ.එල් රාහුල් හා ශිකර් ධවාන් සමත් වුණා. ධවාන් ලකුණු 29කට දැවී ගියා.

විරාට් කෝලි ලකුණු ලබා ගැනීමට පෙර දැවී යාම විශේෂත්වයක්.

අනතුරුව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 115ක සබදතාවයක් ගොඩ නැගීමට රාහුල් හා රිෂාබ් පාන්ට් සමත් වුණා.

එම සබදතාවය ආරම්භයේ දී ම බිද දැමීමේ අවස්ථාවක් දකුණු අප්‍රිකාවට උදා වුවත් එය අසාර්ථක වූයේ පහසු දුවද්දී දවා ගැනීමේ අවස්ථාවක් සාර්ථක කර ගැනීමට දකුණු අප්‍රිකා පන්දු රකින්නන්ට නොහැකි වීම හේතුවෙන්.

පන්දුව නිසි පරිදි ග්‍රහනය කර ගැනීමට ක්‍රීඩකයින් දෙදෙනෙකුටම නොහැකි වීම හේතුවෙන් එම දුවද්දී දවා ගැනීමේ අවස්ථාව කඩුල්ලක් බවට පරිවර්ථනය කර ගැනීමට නොහැකි වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...