ලකුණු 184ක දැවැන්ත ජයක් සමගින් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

Date:

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(21) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 184ක දැවැන්ත ජයක් වාර්තා කරමින්.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 255ක ඉලක්කයක් හිමි වූ නමුත්, ඔවුන්ට පන්දුවාර 24.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 70ක් පමණයි.

Takudzwanashe Kaitano ලකුණු 19ක් රැස් කළ අතර, Ryan Burl ලකුණු 15ක් රැස් කළා.

සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.

සුපිරි පන්දු යැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තා.

දුෂ්මන්ත චමීර හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ ලකුණු 254ක් ලබා ගත්තේ කඩුලු 9ක් දැවී සිටියදීයි.

පැතුම් නිස්සංක ලකුණු 55ක් හා චරිත් අසලංක ලකුණු 52ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

කුසල් මෙන්ඩිස් ලකුණු 36කටත්, චාමික කරුණාරත්න ලකුණු 30කටත් දැවී ගියා. රමේෂ් මෙන්ඩිස් ලකුණු 26යි.

පන්දු යැවීමේ දී Richard Ngarava කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...