බවුමා – වැන් ඩර් ඩුසේන් ද්විත්ව ශතක සබදතාවය දකුණු අප්‍රිකාවට විශිෂ්ඨ ජයක් ගෙන එයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 31ක ජයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකාව අද(19) සමත් වුණා.

නිත්‍ය නායක රෝහිට් ෂර්මා ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලියට ක්‍රීඩා නොකර බැවින් කේ.එල් රාහුල්ගේ නායකත්වය යටතේ මෙම තරගයට ක්‍රීඩා කළ ඉන්දියාවට ජයග්‍රහනය සදහා ලකුණු 297ක ඉලක්කයක් හිමි වූ නමුත්, ඔවුන්ට පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 265ක් පමණයි.

රාහුල් ලකුණු 12කට දැවී ගියා. අනතුරුව ශිකර් ධවාන් සමගින් පිටියේ එක් වූ හිටපු නායක විරාට් කෝලි දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92ක සබදතාවයක් ගොඩ නැගුවා.

ධවාන් ලකුණු 79කට දැවී ගිය අතර, කෝලි ලකුණු 51ක් රැස් කළා.

සෙසු නම් දැරූ පිතිකරුවන්ගෙන් ඉන්දීය ඉනිමට සැලකිය යුතු දායකත්වයක් හිමි වූයේ නැහැ.

ශර්දුල් තාකූර් නොදැවී ලකුණු 50(43)යි.

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී, ටැබ්රයිස් ශම්සි හා ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ කඩුලු 2 බැගින් දවා ගත්තා.

දකුණු අප්‍රිකාවේ පාර්ල් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 4ක් දැවී ලකුණු 296ක් රැස් කළේ සිව්වැනි කඩුල්ල සදහා ටෙම්බා බවුමා හා රසී වැන් ඩර් ඩුසේන් ගොඩ නැගූ ලකුණු 204ක සබදතාවයෙන් සවිමත් වෙමින්.

බවුමා ලකුණු 110ක් රැස් කළ අතර, වැන් ඩර් ඩුසේන් පන්දු 96 කින් ලකුණු 129 ක් නොදැවී රැස් කළා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 2ක් බිද හෙලුවේ ලකුණු 48ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව මේ වන විට සමත්ව සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...