දිමුත් ස්ථාන දෙකකින් පසු බසිද්දී ට්‍රැවිස් හෙඩ් ස්ථාන 7කින් ඉදිරියට

Date:

නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(19) ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව එහි පිතිකරුවන් අතර 5 වැනි ස්ථානය දක්වා ස්ථාන 7කින් ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සමත්ව තිබෙනවා.

ඒ, නිමා වූ පස්වැනි අලුබදුන ටෙස්ට් තරගයේ දී ශතකයක් වාර්තා කරමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි 7 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව මෙතෙක් 6 වැනි ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට මේ වන විට හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි.

මේ අතර, පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 3 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට දකණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා සමත්ව තිබෙනවා.

නවසීලන්තයේ ටොම් ලේතම් පිතිකරුවන් අතර 10 වැනි ස්ථානය දක්වාත්, ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා පන්දු යවන්නන් අතර 10 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...