නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

Date:

නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පෙරමුණ යළි හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.

ඒ, එංගලන්තයට එරෙහි අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ලැබූ තරග 4-0ක ජයග්‍රහනය හේතුවෙන්.

මීට පෙර ඔස්ට්‍රේලියාව තෙවැනි ස්ථානයේ රැදී සිටි අතර, නවසීලන්තය තවදුරටත් දෙවැනි ස්ථානයේම රැදී සිටිනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය තරග 1-2ක් ලෙස පරාජයට පත් වූ ඉන්දියාවට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ අහිමි වී ඇති අතර, ඔවුන් මේ වන විට රැදී සිටින්නේ තෙවැනි ස්ථානයේ යි.

ඉන්දියාවට එරෙහිව ලැබූ ජයග්‍රහනය හේතුවෙන් දකුණු අප්‍රිකාව ද ශ්‍රේණිගත කිරීම්හි එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇත්තේ පස්වැනි ස්ථානය දක්වායි.

පාකිස්තානය 6 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස තිබෙනවා.

ශ්‍රී ලංකාව(7), බටහිර ඉන්දීය කොදෙව්(8), බංග්ලාදේශය(9), සිම්බාබ්වේ(10), ඇෆ්ඝනිස්තානය(11) හා අයර්ලන්තය(12) තවදුරටත් ඔවුන් මීට පෙර රැදී සිටි ස්ථානවලම රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...