මීළග අභියෝගය පාකිස්තානය හා ශ්‍රී ලංකාවයි : පැට් කමින්ස්

Date:

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක ශුරතාවය දිනූ නායකයෙකු ලෙස වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් මේ වන විට ඉතිහාසගත වී අවසන්.

ඊයේ(16) දිනයේ දී එංගලන්තයට එරෙහිව ඔස්ට්‍රේලියාව මෙවර අලුබදුන තරගාවලිය අවසන් කළේ තරග 4-0ක තරගාවලි ජයක් වාර්තා කරමින්.

මෙවර තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩා විලාශය දුටු විට ප්‍රබල ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසය යළි යළිත් ප්‍රේක්ෂකයින්ට සිහිපත් වූ බවනම් නොරහසක්.

ලොව අංක එකේ ටෙස්ට් පිතිකරුවා (මර්නස් ලබුෂේන්) මේ වන විට ඔවුන් සතුයි. ලොව අංක එකේ වේග පන්දු යවන්නා (පැට් කමින්ස්) ඔවුන් සතුයි. ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය ද හිමිව ඇත්තේ ඔස්ට්‍රේලියාවේම ස්ටීව් ස්මිත්ටයි.

අලුබදුන තරගාවලිය ආරම්භ වීමට සති කිහිපයකට පෙර ඔස්ට්‍රේලියානු ටෙස්ට් නායක ටිම් පේන් හදිසියේ නායකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනුයි පැට් කමින්ස්ට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය හිමි වුණේ.

සිය රටේ දී තම කණ්ඩායම මේ වන විට හොදින් දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සිටිය ද, සිය මීළග අභියෝගය වන්නේ විදෙස් රටවලදී මෙම දක්ෂතා එලෙසම පවත්වා ගැනීම බවයි නායක පැට් කමින්ස් අලුබදුන තරගාවලියෙන් පසුව මාධ්‍ය හමුවේ සදහන් කළේ.

“ලෝකයේ දක්ෂතම කණ්ඩායම වෙන්නනම් ඔබට සිද්ධ වෙනවා සිය රටේ දී තරග ජය ගන්න. නමුත් ඒවගේම ගොඩක් වැදගත් ඔබ විදෙස් රටවලදීත් සාර්ථක වීම.” යනුවෙන් පැට් කමින්ස් කියා සිටියා.

“පසුගිය වසර දෙකේ දී අපි විදෙස් රටවල වැඩිය ක්‍රීඩා කර නැහැ. පාකිස්තානය, ශ්‍රී ලංකාව, ලබන වසරේ දී ඉන්දියාව, එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාවට මේ සියල්ල ඇත්තෙන්ම විදේශීය පරිසර තත්ත්වයන්. එය අපේ අභියෝගය වෙනවා.”

විදෙස් රටවල තත්ත්වයන් හී දී ද දක්ෂතා දැක්විය හැකි ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියාව සතු බවයි එරට ටෙස්ට් නායකයා පෙන්වා දෙන්නේ.

“මෙය ආරම්භය කියලා බලාපොරොත්තුවෙනවා. මම හිතන්නේ අපි හැමෝම ඇත්තටම හොඳ තැනක ඉන්නවා කියලා. විශ්‍රාම යාමට ආසන්න ක්‍රීඩකයින් නැහැ. ඉතින් බලාපොරොත්තු වෙනවා, අපි ඉදිරි වසර කිහිපය තුළ විශාල දෙයක් ගොඩනඟන්න”

ඔස්ට්‍රේලියානු කණ්ඩායම එළඹෙන මාර්තු – අප්‍රේල් මාසවලදී පාකිස්තාන තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර, ජූනි – ජූලි මාසවලදී ශ්‍රී ලංකා තරග සංචාරයක ද නිරත වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...