දුෂ්මන්ත ඊළග තරගයට ක්‍රීඩා කරයි : පැතුම් නිස්සංක

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග අද(16) නිමා වූ පළමු එක්දින ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා නොකළ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර දෙරට අතර පැවැත්වෙන දෙවැනි තරගය සදහා ක්‍රීඩා කරනු ඇති බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසනවා.

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක ජයක් වාර්තා කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

කොවිඩ් 19 ආසාදනය වී මේ වන විට සුවය ලබා ඇතත්, දුෂ්මන්ත චමීර අද තරගය සදහා ක්‍රීඩා කළේ නැහැ.

කෙසේ වෙතත්, ඔහු අනිද්දා(18) පැවැත්වෙන දෙවැනි තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු වනු ඇති බවයි පැතුම් නිස්සංක කියා සිටියේ.

මේ අතර, අද තරගයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් වේග පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකරට එක් පන්දුවාරයක් පමණක් යොමු කිරීමට සිදු වූයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඔහුගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි පැතුම් මෙම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...