චන්දිමාල්, අසලංක හා පැතුම් ශ්‍රී ලංකාවට පළමු තරගයෙන් වාර්තාගත ජයක් ගෙන එයි

Date:

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී කණ්ඩායමක් හඹා ගොස් එක්දින ජාත්‍යන්තර තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කරමින් සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(16) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 297ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය පසු කර ගියේ පන්දුවාර 48.3ක් අවසානයේ කඩුලු 5ක් දැවී සිටියදීයි.(300/5)

ජාත්‍යන්තර තරග තහනමෙන් පසු යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවෙකු වෙමින් පන්දු 24කින් ලකුණු 26ක් රැස් කළා.

අංක 3 පිතිකරු වූ කමිදු මෙන්ඩිස් ලකුණු 17කට දැවී ගියා. සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 75ක් රැස් කළේ පන්දු 71කින්. ඒ, හතරේ පහර 10ක් ද සමගින්.

සිය 24 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 75(91)ක් හා සිය 4 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ චරිත් අසලංක ලකුණු 71(68)ක් රැස් කළා.

චන්දිමාල්ගේ ඉනිම හතරේ පහර 4කින් හා හයේ පහරකින් වර්ණවත් වුණා. අසලංක සිය ඉනිම ගොඩ නැගුවේ හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් සමගින්.

ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 129(127)ක්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 296ක් ලබා ගත්තේ ශෝන් විලියම්ස් පන්දු 87කින් වාර්තා කළ ලකුණු 100න් සවිමත් වෙමින්.

පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න කඩුලු 3ක් දවා ගත් අතර, නුවන් ප්‍රදීප් හා ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙම තරගයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනූ වේග පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකරට එක් පන්දුවාරයක් පමණක් යොමු කිරීමට සිදු වුණේ ඔහු අනතුරුව ආබාධයකට ලක්වීම හේතුවෙන්.

මෙම ජයත් සමගින් ශ්‍රී ලංකාව තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස මේ වන විට පෙරමුණ ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...