විරාට් කෝලි ටෙස්ට් නායකත්වයෙනුත් ඉල්ලා අස් වෙයි

Date:

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි එරට ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉල්ලා අස් වී තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඔහු ඉවත්ව ඇති අතර, ඒ සම්බන්ධයෙන් විරාට් කෝලි සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින් නිවේදනය කළා.

33 හැවිරිිදි ඔහු නිමා වූ 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉවත් වූ අතර, අනතුරුව දකුණු අප්‍රිකා තරග සංචාරය ආරම්භ වීමට පෙර ඔහුව එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගත්තා.

දකුණු අප්‍රිකාව සමග නිමා වූ තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස පරාජයට පත් වී දිනක් ගතව ඇති පසුබිමකයි ඔහු මෙලෙස ටෙස්ට් නායකත්වයෙන් ද ඉල්ලා අස් වී ඇත්තේ.

වසර 7ක කාලයක් ඔහු ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා නව නායකයෙකු පත් කිරීමට එරට තේරීම් කමිටුව කටයුතු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...