ශ්‍රී ලංකාවේ වාර්තාව සුරැකෙයි ; ඉන්දියාව පරදා දකුණු අප්‍රිකාව තරගාවලිය දිනයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(14) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 7ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගය ජය ගැනීම සදහා දකුණු අප්‍රිකාවට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 212ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය පසු කර ගියේ තරගයේ සිව්වන දිනය වූ අද දිනයේ දී කඩුලු 3ක් පමණක් දැවී සිටියදීයි.

දිනය ආරම්භ කරන විට දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 101ක් ලබා සිටියා.

තෙවැනි කඩුල්ල සදහා කීගන් පීටර්සන් හා රසී වැන් ඩර් ඩුසේන් අතර ගොඩ නැගුණු සබදතාවය ලකුණු 54ක්.

පීටර්සන් ලකුණු 82ක් රැස් කරමින් දකුණු අප්‍රිකා කණ්ඩායමට ජයග්‍රහනයේ මාවත විවර කර දුන්නා.

ඩුසේන් නොදැවී ලකුණු 41 ක් හා බවුමා නොදැවී ලකුණු 32 ක් රැස් කරමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහනය කරා රැගෙන ගියේ සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 57ක නොබිදුණු සබදතාවයක් ගොඩ නගමින්.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් ෂාමි හා ශර්දුල් තාකූර් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

කේප් ටවුන්හි නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 223ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව ලකුණු 210ක් රැස් කළා.

රිෂාබ් පාන්ට්ගේ නොදැවුණු ශතකයෙන් සවිමත් වූ ඉන්දීය දෙවැනි ඉනිම සියලු දෙනා දැවී සටහන් වුණේ ලකුණු 198ක් ලෙසයි.

මෙම පරාජය හේතුවෙන් ඉන්දියාවට දකුණු අප්‍රිකාවේ දී පළමු වරට ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමේ බලාපොරොත්තු යළිත් අහිමි වී ගියා.

මේ වන විට දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගෙන ඇති එකම ආසියානු රට වන්නේ ශ්‍රී ලංකාව පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...