සිව්කොන් ක්‍රිකට් තරගාවලියක් සදහා පාකිස්තානයෙන් යෝජනාවක්

Date:

සෑම වසරකදීම සිව්කොන් ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති රමීස් රාජාගේ අවධානය යොමුව තිබෙනවා.

ඊට අදාළ යෝජනාවක් ඉදිරි ජගත් ක්‍රිකට් කවුන්සල(අයි.සී.සී) රැස්වීමේ දී ඉදිරිපත් කිරීමටයි ඔහු සැලසුම් කර ඇත්තේ.

20යි 20 තරගාවලියක් ලෙස අදාළ තරගාවලිය පැවැත්වීමට අවධානය යොමු කර ඇති අතර, තරගාවලිය සදහා ඉන්දියාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය යන රටවල් සම්බන්ධ කර ගැනීමට නියමිතයි.

දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දියාව හා පාකිස්තානය අතර ද්විපාර්ශ්වික තරගාවලි නොපැවැත්වෙන බැවින් එම රටවල් දෙක අතර වැඩි වශයෙන් ජාත්‍යන්තර තරග පැවැත්වීම සදහා අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ඇති.

2013 වසරේ සිට ඉන්දියාව හා පාකිස්තානය ජාත්‍යන්තර පිටියේ දී තරග වදින්නේ අයි.සී.සී හා ආසියානු කුසලාන තරගාවලියන් හී දී පමණයි.

රටවල් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන රග්බි තරගාවලියක් වන Six Nations තරගාවලියට සමාන තරගාවලියක් ලෙස මෙම තරගාවලිය පැවැත්වීමටයි රමීස් රාජාගේ අවධානය යොමුව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...