ඉන්දියාව 223කට සීමා කරමින් තෙවැනි ටෙස්ට් තරගයට දකුණු අප්‍රිකාවෙන් සාර්ථක ආරම්භයක්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(11) කේප් ටවුන්හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 17ක්.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස නායක ඩීන් එල්ගර් ලකුණු 3කට දවා ගැනීමට ජස්ප්‍රිට් බුම්රා සමත් වුණා.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 8ක් හා කේෂාව් මහරාජ් ලකුණු 6ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඔවුන්ට අද දිනය තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 223ක් පමණයි.

ඉනිමේ නැංගුරම බවට පත් වූ නායක විරාට් කෝලි ලකුණු 79ක් ලබා ගත්තා. පන්දු 201කින් වාර්තා වූ එම ඉනිම ඔහු ඉතා සංයමයෙන් යුතුව ගොඩ නගනු දක්නට ලැබුණා.

චෙටස්වර් පුජාරා ලකුණු 43ක් ද, රිෂාබ් පාන්ට් ලකුණු 27ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 73කට කඩුලු 4ක් දවා ගත් අතර, මාර්කෝ ජන්සෙන් ලකුණු 55කට කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව දකුණු අප්‍රිකාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 206 ක්.

මෙම තරගය සදහා දකුණු අප්‍රිකා කණ්ඩායමෙන් කිසිදු වෙනස්කමක් සිදු කර නොමැති අතර, ඉන්දියාව වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය නායක විරාට් කෝලි යළි කණ්ඩායමට පැමිණීම හේතුවෙන් හනුමා විහාරිට කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා.

ඊට අමතරව ආබාධයකට ලක් වූ මොහොමඩ් සිරාජ් වෙනුවට උමේෂ් යාදෙව් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...