කොරෝනා ආසාදනය වීම නිසා සුන්දර්ට එක්දින තරගාවලිය අහිමි වෙයි

Date:

ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක වොෂින්ටන් සුන්දර්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට දකුණු අප්‍රිකාව සමග ලබන 19 වැනිදා ආරම්භ විමට නියමිත තරග 3කින් යුත් එක්දින තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

හෙට(12) දිනයේ දී ඉන්දීය එක්දින සංචිතයට සම්බන්ධ වීමට නියමිත ක්‍රීඩකයින් ඉන්දියාවෙන් පිටත්ව යාමට නියමිත අතර, කොවිඩ් 19 ආසාදනය වී ඇති බැවින් වොෂින්ටන් සුන්දර් සෙසු ක්‍රීඩකයින් සමග දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන්නේ නැහැ.

ඔහුට මාස 10ක කාලයක් ජාත්‍යන්තර තරග සදහා මෙතෙක් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබී තිබුණේ ආබාධවලට ලක් වීම හේතුවෙන්.

22 හැවිරිදි වොෂින්ටන් සුන්දර් වෙනුවට සංචිතයට ආදේශ කරන ක්‍රීඩකයා සම්බන්ධයෙන් මෙතෙක් ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කර නැහැ.

කෙසේ වෙතත්, ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ ටෙස්ට් සංචිතය සමග රැදී සිටින ජයාන්ට් යාදාව්ට ටෙස්ට් තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව ද එරට රැදී සිටින ලෙස දන්වා ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...