කිසිවෙකු මෙතෙක් නොදුටු හැරිස්ගේ අපූර්ව කඩුලු සැමරුම

Date:

ක්‍රිකට් තරග අතරතුර කඩුලු දවා ගැනීමෙන් අනතුරුව පන්දු යවන්නන් විසින් එය විවිධ ආකාරයෙන් සමරන ආකාරය ඔබ අනන්තවත් දැක ඇති.

ඇතැම් ක්‍රීඩකයින් කඩුලු සැමරුම සාමකාමී අයුරින් සිදු කරන අතර, ඇතැමුන් ආවේගශීලී අයුරින් ද එය සමරන අයුරු අප දැක තිබෙනවා.

ඒ අතරතුර නිර්මාණශීලී අයුරින් කඩුලු සැමරුම් සිදු කරන ආකාරය මෙන්ම තමන්ට ආවේනික අයුරින් සකසා ගත් විවිධ කඩුලු සැමරුම් ද පන්දු යවන්නන් තුළින් දැක ගත හැකියි.

එවැනි අපූර්ව කඩුලු සැමරුමක් අද(11) දැක ගත හැකි වු‍ණේ මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලිය යටතේ පැවැති තරගයකදීයි.

ඔස්ට්‍රේලියාවේ ජිලෝන්ග්හි පැවැති මෙම තරගය සදහා ක්‍රීඩා කළේ පර්ත් ස්කෝචර්ස් හා මෙල්බර්න් ස්ටාර්ස් යන කණ්ඩායම්.

එහිදී මෙල්බර්න් කණ්ඩායමේ හැරිස් රවුෆ් විසින් කර්ටිස් පැටර්සන්ගේ කඩුල්ල දවා ගැනීමෙන් අනතුරුව එය සැමරූ ආකාරය මේ වන විටත් ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගෙන අවසන්.

ඔහු විසින් අදාළ කඩුල්ල දවා ගැනීමෙන් අනතුරුව, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු පවත්වා ගත යුතු ආකාරය පෙන්නුම් කරන ආකාරයටයි කඩුලු සැමරුම සිදු කරනු ලැබුවේ.

සැමරුම අවසන් කළේ ඔහු මුව ආවරණයක් ද පැලදීමෙන්.

එය මෙතෙක් කිසිවෙකුත් නොදුටු ආකාරයේ කඩුලු සැමරුමක් බවටනම් සැක නැහැ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...