ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලියේ තරග නිළධාරීන් නිවේදනය කෙරේ

Date:

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට එක් වන තරග නිළධාරීන්ගේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(11) නිවේදනය කළා.

ඒ අනුව තරගාවලියේ තරග තීරකවරයා ලෙස අයි.සී.සී ප්‍රධාන තරග තීරක රංජන් මඩුගල්ල මහතා කටයුතු කිරීමට නියමිතයි.

තරගාවලිය සදහා විනිසුරුවරුන් පස් දෙනෙකු පත් කර තිබෙනවා.

එනම්, කුමාර් ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් හා ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරුන්.

තරග 3කින් යුත් එක්දින තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය එළඹෙන 16 වැනිදා ද, දෙවැනි තරගය එළඹෙන 18 වැනිදා ද , තෙවැනි තරගය එළඹෙන 21 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...