ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් 5ක් සිදු කෙරේ

Date:

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් 5ක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු හා විශ්ව ප්‍රනාන්දු සංචිතයට කැදවීමට පියවර ගෙන ඇති බවයි newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

සංචිතයට ඇතුළත් කිරීමට නියමිතව සිටි අවිශ්ක ප්‍රනාන්දු හා ජනිත් ලියනගේට කොවිඩ් 19 ආසාදනය වී ඇති බැවින් මෙම තරගාවලියෙන් ඉවත් වීමට ඔවුන්ට සිදු වුණා.

වනිදු හසරංගට හා කුසල් ජනිත්ට මෙම තරගාවලිය අහිමි වී ඇත්තේ ආබාධවලට ලක්වීම හේතුවෙන්.

වේග පන්දු යවන්නන් වන කලන පෙරේරා හා ළහිරු කුමාර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් වන skinfolds පරීක්ෂණයෙන් අසමත්ව ඇති බැවින් ඔවුන් දෙදෙනාට මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව සදහන්.

අප මීට පෙර ද වාර්තා කළ පරිදි ධනංජය ද සිල්වා පෞද්ගලික හේතුවක් මත මෙම තරගාවලියට එක් නොවන බැවින් ඔහු වෙනුවට කමිදු මෙන්ඩිස් සංචිතයට කැදවා තිබෙනවා.

එක්දින සංචිතය සදහා කමිල් මිෂාර, නුවන් තුෂාර හා චාමික ගුණසේකර වැනි නවක ක්‍රීඩකයින් ද නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර කොවිඩ් 19 ආසාදනය වී සිටි නායක දසුන් ශානක හා දුෂ්මන්ත චමීර මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බැවින් මෙම සංචිතය සදහා නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී එළඹෙන 16 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

නම් කර ඇති බවට වාර්තා වන ශ්‍රී ලංකා සංචිතය –

දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, මිනෝද් භානුක, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, කමිල් මිෂාර, විශ්ව ප්‍රනාන්දු, නුවන් තුෂාර, දිනේෂ් චන්දිමාල්, ජෙෆ්රි වැන්ඩර්සේ, රමේස් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, දුෂ්මන්ත චමීර, චාමික ගුණසේකර, අසිත ප්‍රනාන්දු

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...