මොරිස් ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

Date:

දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කරමින් ඔහු සදහන් කළේ තමා එරට දේශීය කණ්ඩායමක් වන Titans කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස එක්වීමට කැමැත්ත පල කර ඇති බවයි.

34 හැවිරිදි මොරිස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග 69ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී කඩුලු 94ක් දවා ගැනීමට සමත් වුණා.

ජාත්‍යන්තර තරගවලදී ඔහු රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 774 ක්.

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ක්‍රිස් මොරිස්ව මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 16.25 ක මුදලකටයි.

එය අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියකදී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිල ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...