කොදෙව් – අයර්ලන්ත දෙවැනි එක්දින තරගය කල් දැමේ

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද(11) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගය කල් දැමීමට දෙරටේ ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා.

ඒ, අයර්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම හේතුවෙන්.

ඊට අමතරව අයර්ලන්ත කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු ආබාධවලට ද ලක් තිබීම මෙම තීරණය ගැනීමට හේතු වී තිබෙනවා.

ජැමයිකාවේ දී පැවැත්වෙන තරගාවලිය කෙසේ හෝ සාර්ථකව පවත්වා නිමා කිරීම සදහා දෙරටේ ක්‍රිකට් ආයතන අතර මේ වන විට සාකච්ඡා සිදු වෙමින් පවතිනවා.

මෙම සංචාරයට පෙර අයර්ලන්ත කණ්ඩායම අමෙරිකාවේ තරග සංචාරයක ද නිරත වූ නමුත්, එහිදී පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලිය ද අවලංගු කිරීමට සිදු වූයේ අයර්ලන්ත කණ්ඩායමට සම්බන්ධ සාමාජිකයින්ට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.

අමෙරිකාවට එරෙහි එක්දින තරගාවලිය අවලංගු කිරීමෙන් පසුව පෝල් ස්ටර්ලින්ග් හා ශේන් ගෙට්කෙට් ද කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගැණුනු අතර, ඔවුන් ෆ්ලොරිඩාහී දී හුදකලා කර තැබීමට ද පියවර ගැනුණා.

කොදෙව් – අයර්ලන්ත එක්දින තරගාවලියේ අවසන් තරගය එළඹෙන 14 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර, අනතුරුව 20යි 20 තරගයක් ද එළඹෙන 16 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...