රෝස් ටේලර්ට නොසිතූ සමු ගැනීමකට මග පාදමින් බංග්ලාදේශයට ඉනිමක පරාජයක්

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 117ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමට නවසීලන්තය අද(11) සමත් වුණා.

තරගයේ දෙවන දිනය වූ ඊයේ දිනය අවසන් වන විට බංග්ලාදේශය සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට ලකුණු 126 ක් ලබා ගෙන තිබුණේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු 521කට පිළිතුරු වශයෙන්.

ඒ අනුව අද දිනය ආරම්භයේ දී ම නවසීලන්තය විසින් අඛණ්ඩව දෙවැනි වරටත් පන්දුවට පහර දීම සදහා බංග්ලාදේශයට ආරාධනා කළා.

කෙසේ වෙතත්, බංග්ලාදේශයට සිය දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 278 ක් පමණයි.

පන්දු 106කින් සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ලිටොන් ඩාස් ලකුණු 102කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ක්යිල් ජමීසන් කඩුලු 4ක් හා නෙයිල් වෑග්නර් කඩුලු 3ක් දවා ගත්තා.

සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ සුපිරි පිතිකරු රෝස් ටේලර් ඉනිමේ අවසන් කඩුල්ල දවා ගැනීම විශේෂත්වයක්.

මෙම තරගයේ දී ඔහු යොමු කළ පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී යි එම කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ. (දර්ශන පහතින්)

රෝස් ටේලර් මීට පෙර ටෙස්ට් පිටියේ දී දවා ගෙන තිබුණේ කඩුලු 2ක් පමණයි.

නවසීලන්ත ඉනිමේ දී ද්විත්ව ශතකයක් වාර්තා කරමින් ලකුණු 252ක් රැස් කළ ටොම් ලේතම් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඔහු මෙම තරගයේ දී ලබා ගත් උඩ පන්දු සංඛ්‍යාවක් 6ක්.

ටෙස්ට් තරගයකදී ලකුණු 250ක් හා උඩ පන්දු 6ක් ලබා ගත් ඉතිහාසයේ පළමු ක්‍රීඩකයා ලෙසයි ඔහු වාර්තා අතරට එක් වුණේ.

ඩෙවෝන් කොන්වේ තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

https://twitter.com/Donno79/status/1480777763623632897

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...