යොවුන් ලෝක කුසලානයට අයත් ඇෆ්ඝනිස්තානයේ පුහුණු තරග හදිසියේ අවලංගු කෙරේ

Date:

ලබන 14 වැනිදා ආරම්භ වීමට නියමිත යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ පුහුණු තරග අවලංගු කර තිබෙනවා.

ඒ, වීසා ගැටලුවක් හේතුවෙන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට මෙතෙක් තරගාවලිය පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත පැමිණීමට නොහැකි වී ඇති බැවින්.

ගැටලුව විසදා ගැනීම සදහා සාකච්ඡා සිදු වෙමින් පවතින බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(10) දිනයේ දී එංගලන්තයට එරෙහිව ද, එළඹෙන 12 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ද පුහුණු තරග ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.

මේ හේතුවෙන් පුහුණු තරග කාලසටහනෙහි සංශෝදනයක් ද සිදු කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

ඒ අනුව හෙට(11) දිනයේ දී එංගලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පුහුණු තරගයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...