සිරාජ්ට තෙවැනි තරගය අහිමි වෙද්දී ශ්‍රී ලංකාවේ වාර්තාව බිදින්න කෝලි යළි පිටියට

Date:

දකුණු අප්‍රිකාව සමග හෙට(11) ආරම්භ වන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා තමා ක්‍රීඩා කරන බව ඉන්දීය නායක විරාට් කෝලි පවසනවා.

ඔහුට නිමා වූ දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ දෙවැනි ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් තෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට තරම් සුදුසු ශාරීරික යෝග්‍යතාවයක මේ වන විට නොසිටින බවයි.

ඔහු වෙනුවට කණ්ඩායමට කැදවන ක්‍රීඩකයා සම්බන්ධයෙන් විරාට් කෝලි අනාවරණය කළේ නැහැ.

දෙරට අතර පැවැත්වෙන තීරණාත්මක අවසන් තරගය හෙට මෙරට වේලාවෙන් පස්වරු 2ට කේප් ටවුන් හී දී ආරම්භ වන අතර, මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගෙන තරගාවලියේ සම තත්ත්වයේ පසුවනවා.

ඒ අනුව තෙවැනි තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ශූරතාවය හිමි වනවා.

ඉන්දියාව මෙම තරගාවලිය ජය ගතහොත් එය ඔවුන් දකුණු අප්‍රිකාවේ දී ජය ගන්නා පළමු ටෙස්ට් තරගාවලිය බවට පත් වනු ඇති.

මේ වන විට දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගෙන ඇති එකම ආසියානු කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාව පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...