අයර්ලන්තයට 40%ක දඩයක් හා ප්‍රසාද ලකුණු 2ක් කපා හැරේ

Date:

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40%ක දඩ මුදලක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පසුගිය සෙනසුරාදා පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ඔවුන් පන්දුවාර යොමු කිරීමේ වේගය නියමිත පරිදි පවත්වා නොගැනීම හේතුවෙන්.

නියමිත කාලය තුළ ඔවුන් පන්දුවාර 2ක් අඩුවෙන් යවා ඇති බවට අනාවරණය වී ඇති අතර, ඒ අනුව තරග තීරක රිචී රිචර්ඩ්සන් විසින් අදාළ දඩුවම ඔවුන්ට පනවා ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

ඊට අමතරව මෙම වරද හේතුවෙන් ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනෙන් අයර්ලන්ත කණ්ඩායමට හිමිව තිබූ ප්‍රසාද ලකුණු 2ක් ද කපා හැරීමට පියවර ගෙන තිබෙනවා.

අයර්ලන්ත කණ්ඩායමේ නායක Andrew Balbirnie විසින් අදාළ වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු වන්නේ නැහැ.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් කොදෙව් කණ්ඩායමට ලකුණු 24ක ජයක් හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...