ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ

Date:

දෙසැම්බර් මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නවසීලන්ත දග පන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල් තේරී පත්ව ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලය(අයි.සී.සී) අද(10) නිවේදනය කළා.

ඒ, ඉන්දියාවට එරෙහිව මුම්බායිහි පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ දී ඔහු කඩුලු 10ක් දවා ගනිමින් දැක් වූ දක්ෂතාවය පදනම් කර ගනිමින්.

ඉනිමක දී කඩුලු 10 ම දවා ගත් ටෙස්ට් ඉතිහාසයේ තෙවන පන්දු යවන්නා ලෙසයි ඔහු වාර්තා අතරට එක් වුණේ.

එම තරගයේ දී අජාස් පටෙල් බිද හෙලූ සමස්ත කඩුලු ගණන 14ක්.

අජාස් පටෙල්ට අමතරව මයාන්ක් අගාර්වල් හා මිචෙල් ස්ටක් ද මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම අතරට ඇතුළත්ව තිබුණා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...