තියුණු අවසානයක් සමග එංගලන්තය සිව්වැනි තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගනියි

Date:

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද(9) ඉතා තියුණු මුහුණුවරකින් යුතුවූ අවසානයක් සහිතව ජය පරාජයෙන් තොරව නිමා වුණා.

තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී ලකුණු 388ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය තරගයේ අවසන් දිනය වූ අද දිනය නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 270ක් ලබා ගනිමින්.

දිනය ආරම්භ කරන විට ඔවුන් කඩුලු කිසිවක් නොදැවී ලකුණු 30ක් රැස් කර ගෙන සිටි අතර, පළමු කඩුල්ල ලෙස හසීබ් හමීඩ් ලකුණු 9කට දැවී ගියා.

ඩාවිඩ් මලාන් ලකුණු 4කටත්, ජෝ රූට් ලකුණු 24කටත් දැවී ගිය අතර, ආරම්භක පිතිකරු සැක් ක්‍රව්ලි ලකුණු 77ක් හා බෙන් ස්ටොක්ස් ලකුණු 60ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළා.

ජොනී බෙයාර්ස්ටව් ලකුණු 41යි. තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීම සදහා එංගලන්ත පසු පෙල ශක්තිමත් කළ ජැක් ලීච් ලකුණු 26ක් ලබා ගත්තා.

කෙසේ වෙතත්, ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස ඔහුව දිනය නිමා වීමට පන්දුවාර 2ක් ඉතිරිව තිබියදී දවා ගැනීමට ස්ටීවන් ස්මිත් සමත් වීමත් සමග තරගයේ ජයග්‍රහනය පිළිබද ඔස්ට්‍රේලියාවේ බලාපොරොත්තු යළි ඉහළ ගියා.

නමුත් දිනයේ ඉතිරි පන්දුවාර දෙකට සාර්ථකව මුහුණ දෙමින් සිය කඩුල්ල ආරක්ෂා කර ගැනීමට ස්ටුවට් බ්‍රෝඩ් හා ජේම්ස් ඇන්ඩර්සන් සමත් වීම හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොරව නිමා වුණා.

පන්දු යැවීමේ දී ස්කොට් බෝලන්ඩ් කඩුලු 3ක් ද, පැට් කමින්ස් හා නේදන් ලියෝන් කඩුලු 2 බැගින් ද බිද හෙලුවා.

සිඩ්නි හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලකුණු 416 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවූ අතර, අනතුරුව එංගලන්තය සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට ලකුණු 294ක් රැස් කළා.

ඔස්ට්‍රේලියා සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 6ක් දැවී ලකුණු 265 ක් ලබා සිටියදීයි.

ඉනිම් දෙකේදී ම ශතක වාර්තා කළ උස්මාන් කවාජා තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

තරගාවලියේ පළමු තරග 3 ජය ගත් ඔස්ට්‍රේලියාව තරග 3-0ක් ලෙස මේ වන විටත් තරග 5කින් යුත් අලුබදුන තරගාවලිය ජය ගෙන අවසන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...