කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුට සිම්බාබ්වේ තරගාවලිය අහිමි වෙයි

Date:

ශ්‍රී ලංකා නවක ක්‍රිකට් ක්‍රීඩක ජනිත් ලියනගේට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ, ඔහු එළඹෙන සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට තෝරා ගැනීමට නියමිතව තිබූ පසුබිමකයි.

ඒ අනුව ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වනු ඇති.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ජනිත් ලියනගේ ඉහළ දක්ෂතා දැක් වීමට සමත් වූ පසුබිමකයි ඔහුට සිම්බාබ්වේ තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා අවස්ථාවක් හිමි වීමට නියමිතව තිබුණේ.

මීට පෙර කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට ද සිම්බාබ්වේ තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

තරග 3කින් යුත් ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 16 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...