ග්‍රැහැම් ෆෝඩ්ගේ ඉවත් වීමෙන් පුරප්පාඩු වූ තනතුරට මලාන් පත් කෙරේ

Date:

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හෙන්රිච් මලාන් පත් කර තිබෙනවා.

වසර 3ක කාලයක් සදහා එම පත් කිරීම සිදු කළ බවයි අයර්ලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ලබන මාර්තු මාසයේ සිට දකුණු අප්‍රිකානු ජාතික හෙන්රිච් මලාන් සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

40 හැවිරිදි ඔහු මීට පෙර නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවෙකු හා සහාය පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කළා.

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ් සිය ධූරයෙන් ඉවත් වීමට ගත් තීරණයත් සමග පුරප්පාඩු වූ තනතුර සදහායි මෙම නව පත් කිරීම සිදු කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...