ස්ටුවට් බ්‍රෝඩ්ට යළි කැදවීමක්

Date:

ඔස්ට්‍රේලියාවට එරෙහි අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය සදහා වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් කැදවීමට එංගලන්තය තීරණය කර තිබෙනවා.

උරහිසක සුළු ආබාධයකට ලක්ව සිටින ඔලී රොබින්සන් වෙනුවට 35 හැවිරිදි ස්ටුවට් බ්‍රෝඩ් කණ්ඩායමට කැදවීමටයි තීරණය කර ඇත්තේ.

තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම හා සැසදීමේ දී වෙනත් කිසිදු වෙනස්කමක් සිව්වන තරගය වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමේ සිදු කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගය හෙට(5) සිඩ්නි හී දී ආරම්භ වීමට නියමිතයි.

සත්කාරක ඔස්ට්‍රේලියාව මේ වන විටත් තරග 3-0ක් ලෙස තරග 5කින් යුත් අලුබදුන තරගාවලියේ ශූරතාවය ජය ගෙන අවසන්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...